පෙර වදන

පෙර වදන 

ක්‍රි .ව 2017 වන මේ වසර ශ්‍රී ලාංකීක කතෝලිකයන් වන අප හට ඉතා වැදගත් කමක් උසුලන වසරකි .එක පසකින් මේ වසර ලංකාවේ අපොස්තුලුවර ශු :ජුසේ වාස් ( St.Joseph Vaz )පිය වසර ලෙස නම් කර තිබීමත් , තවත් පසකින් මේ වසරේදී පූජ්‍ය පඬිවර ජාකොමේ ගොන්සාල්වෙස් පිය තුමාගේ ( Fr.Jacome Gonsalves ) ස්වර්ගස්තවීමේ 275 වන අනුස්මරණයත්  යෙදී තිබේ.

ලන්දේසීන්ගේ ආගමීක පීඩන හේතුවෙන් මෙකල කතෝලිකයන් විසිර ගොස් සිටි කාලයක් විය.දෙව් මැදුරු විනාශ කර පුජක වරුන් රටින් පිටුවහල් කරන ලද්දේය.කතෝලික ආගම ඇදහීම මරණයට හේතුවන වරදක් විය,මේ ධර්මදුතික පියවරුන් නොවන්නට කතෝලික දහම මෙරටින් සදහටම නැතිවී යන්නට ඉඩ තිබිණි .

සමිදුන්ගේ අපරිමිත දයාව හේතුවෙන් ලංකාවේ කතෝලිකයන් වෙනුවෙන් එතුමන් දායාද කළාවූ මේ උතුම් ශුද්ධ වරයන් වෙනුවෙන් අපි එතුමන්ට අති බැහැපත්ව හා ගෞරවයෙන් යුක්තව තුති ප්‍රසංශා කරමු.

මේ වෙබ් අඩවියේ අරමුණ වූ කලි පූජ්‍ය පඬිවර ජාකොමේ ගොන්සාල්වෙස් තුමන්ගේ දිවිය අපගේ තරුණ දුවා දරුවන් අතර ප්‍රචාරය කිරීමත් එතුමාගේ දිවිය තුලින් සමිදාණන්ගේ මහත් ප්‍රේමය අත්දැකීමත් ය.
මෙම අඩවිය සකස් කල මා හුදෙක් සාමාන්‍ය දැනුමක් ඇතිව  සමිදුන්ගේ උපකාරය තුලින් මෙම කාර්යය ඉටු කල බව බැහැපත්ව සටහන් කරනු කැමැත්තෙමි.

මෙහි ඉහල හා දකුණු පසෙහි ඇති ලින්කු මගින් එතුමන්ගේ ජීවිතයේ විවිධ අවස්ථා හා සේවාවන් පිළිබඳව ඔබට දැනගත හැකි වනු ඇත .


ඔබට ජේසු පිහිටයි !


2017.09.03

No comments:

Post a Comment