Sunday, September 3, 2017

ජීව දත්ත සටහන Life of Jacome Gonsalves

1676 ජුනි 8 - උපත ( ගෝවේ ,දිවාරි ග්‍රාමයේදී )

මව් පියන් තෝමස් ගොන්සාල්වෙස් සහ මරියානා ආබෘ 

ප්‍රසාද ස්නාපනය  - දිවාරිහි වරප්‍රසාදයේ අප ස්වාමිදුගේ දේවස්ථානයේදී 

අධ්‍යාපනය - දිවාරි ප්‍රථමික විදුහල 
                  ශු;පාවුළු විද්‍යායතනය (1694 -1696 )
                  ගෝවේ ශු:ඇක්විනාස් විශ්ව විද්‍යාලය (1696 -1700)

පූජකවරය - 1700 ගෝව ශු: කැතරිනා ආසන  මැදුරේදී 

1700 - ඔතොරියානු නිකායට බැඳීම 

1705  ජනවාරි - ගෝව  ශු;පාවුළු විද්‍යායතනයේ දර්ශන පීඨධිපති ධුරයට පත් වීම 

1705 මැයි 9 - ලංකාව බලා පිටත් වීම 

1705 අගෝ - තලෛ මන්නාරම හරහා ලංකාවට සැපත් වීම 

1707 - ජුසේ වාස් මුනිදුන්ගේ සහයකයා ලෙස පත් වීම ,බෞද්ධ භික්ෂුන් ගෙන් සිංහල බස හැදෑරීම 

1710 - ජුසේ වාස් මුනිදුන් දරුණු ලෙස රෝගාතුර වීම නිසා මහනුවර රැඳෙමින් එතුමන්ට උපස්ථාන කිරීම 

1711 ජන 16 - ජුසේ වාස් මුනිදුන්ට අන්තීම ආලේපය ලබා දීම ,එතුමන්ගේ ස්වර්ගස්ථ වීම 

1713 - හෙළ බසින් ග්‍රන්ථ කරණයට පිවිසීම 

1724 ජන 24 - කොචින් රදගුරු තුමන්ගේ ලංකාවේ අනුනායක ලෙසත් ලංකා ඔතොරියානු සංගයේ නායකයා ලෙසත් පත් වීම 

1727 එතුමන් විසු කච්චිරාව දේවස්ථානය විනාශ කිරීම හා බෝලවත්ත දේවස්ථානයක් ඉදිකිරීම 

1728 මහා නුවර සිට ග්‍රන්ථ  කරණයේ නිරත වීම 

1733 කම්මල -බොලවත්ත තම වාසස්ථානය ලෙස තෝරා ගැනීම හා බෝලවත්ත පළමු පාස්කු දර්ශනය පැවැත්වීම 

1735 - 1740 කම්මල සිට මාතර දක්වා ධර්මදුත මෙහෙවරෙහි යෙදීම 

1740 - තම ස්ථීර නවාතැන ලෙසත් ධර්ම දුත වරුන්ගේ රැස්වීම් මද්‍යස්ථානය ලෙසත් බොලවත්ත  තෝරා ගැනීම 

1742 ජුලි 17 - 66 වියේදී බෝලවත්ත දේවස්ථානයේ ස්වර්ගස්තවීම හා එහි එතුමන්ගේ දේහය මිහිදන් කිරීම 

No comments:

Post a Comment